මඟඵල නුවණ හා බෞද්ධ අධ්යා පනය

සුතඥාණය ධර්ම ප්ර්තිවේධය නොවේ.ඇතැම් අය සුතමය ඥාණය ලබා ඉන් මුළාවට පත්ව ධර්මාවබෝධය ලබා ඇතිබව සිතති.බොහෝවිට ධර්ම ප්රමතිවේධය ලැබූ බවට සහතික පත් ප්රෝදානය කිරීම පිටුපස ඇත්තේ මෙබඳු ක්රිඇයාවක් විය හැක.නමුදු එය මානය කේන්ද්රතකරගත් පිරිසිදු බුදුදහමේ අනුමැතිය නොලත් දෙයක් බැවින් අයෝග්යඳ දෙයක් ලෙස සැලකියහැක.මේකිසිදු හේතුවක්වත් නැතිව හුදෙක් ප්රතසිද්ධිය හා සුළුආත්මලාභය තකා එබඳු අකැප සටකපට ක්රිසයාවල නිරත ඇතැම්අයද සිටිති.ඔවුන්ගේ ක්රිෙයා සමාජයට රහසක්ද නොවේ.මන්ද මෙබඳු දේ සැඟවී කළ නොහැකි නිසාය. නිවැරදි දේ කොපමණ කළඳ හුදෙක් යහපතක් මිස ඉන්වන අයහපතක්ද නැත.විවිධ ලාභ ලැබීමේ යටිඅදහස පෙරදැරි කර‍ගෙන ක්රිොයාකරන සුළු පිරිසක් නිසා සමස්ත බෞද්ධ ජනතාව කෙරෙහිඇතිවිය හැකි සාවද්යන ලේබලය විශාලය. ඒ නිසා යම්යම්අය අකමැති වියහැකි වුවද ඒවායේ අයෝග්ය්බව පෙන්වාදිය යුතුව තිබේ.ඒ පිළිබඳ කාලීන සංවාදයක් හෝ විද්වත් අදහස් විමසීමකට මේ ලිපිය විවෘත කරනුයේ බුදුදහම කෙරෙහි ජාත්යේන්තර ප්රිබෝධයක් අද ඇතිවී ඇති බැවිනි.
බෞද්ධඉගැන්වීම් ගොඩනැඟීඇත්තේ හුදෙක් විෂයකරුණු පිළිබඳ දැනුමලබාදෙන ක්රුමවේදයක් ලෙස ‍නොවේ. බෞද්ධ අධ්යාතපනයේ අරමුණ සදාචාරය කේන්ද්රුකරගත් දැනුම ලබා දීමයි.මේ හේතුව නිසා බෞද්ධ අධ්යාොපන ව්යුෞහය සකස්වී ඇත්තේ ‍මේ අරමුණ මැනවින් ඉටුකර ගතහැකි පරිදිය.බෞද්ධ අධ්යාසපනය අනුව මේ ලෝකය සකස්වී ඇත්තේ දුක පදනම් කරගෙනය.දුක පදනම් කරගෙන ලෝකය හටගැනී ඇතත්, හැමවිටම එම දුක විඳිය යුතු යැයි බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් නොවේ.ඒ වෙනුවට දුක ඇතිවීමට හේතුව සෙවීමත්, එය මනා ලෙස අවබෝධ කරගැනීමත් අවධාරණය කර තිබේ.ලෝකය යනු දුක නම් දුකෙන් මිදීමක්ද තිබිය යුතුබව බෞද්ධ අධ්යා පන පරමාර්ථවල සඳහන්ය. දුකෙන් මිඳීමට නම් දුක ඇතිවීමේ හේතුව වටහා ගෙන තිබිය යුතුය.දුක්ඛාර්ය සත්යාය යනු ගැඹුරු මඟඵල නුවණකි.
හේතුව දත්විට එය ඉවත්කිරීමෙන් දුක ඉවත්කළ හැකිබව මෙහි ප්රාටයෝගික කරුණයි.එසේම දුක නැතිකළ යුතු නම් එයනැතිකිරීමට යම්ක්රකමවේදයක්ද තිබියයුතුය.එය ආර්යඅෂ්ටාංගික මාර්ගයලෙස බෞද්ධ අධ්යාෞපන විද්යාමවේ සඳහන්ය.මේ අනුව බෞද්ධ අධ්යාිපන විද්යාෝව සතරාකාර ක්රාමවේදයක් පදනම්කර ගනිමින් සිය සිද්ධාන්තය ඉදිරිපත් කර ඇත.මෙය චතුරාර්ය සත්යෞ ධර්මය ලෙස සඳහන්ය.බුද්ධත්වය අවබෝධ කරගැනීමේදී බුදුන් වහන්සේ මූලිකව වටහාගත් ධර්මය නම් මෙකී චතුරාර්ය සත්යා‍වබෝධයයි.එසේම බෞද්ධ අධ්යායපන විද්යාබව සෙසු අධ්යාවපන ක්රිමවේදවලින් වෙනස්වන ප්රාමුඛතම ලක්ෂණය නම් චතුරාර්ය සත්ය්ය නමැති කිසිදු අයුරකින් වෙනස්කළ නොහැකි පරම ගම්භීර සිද්ධාන්තයයි.එහි ගැටළුව ඊට හේතුව ඒ සඳහා යොදන පිළියම හා විසඳුම නැමැති සතරාකාර කොන් ඇති විධික්රසමය මෙහි පදනමසේ දැක්විය හැක.මෙය බෞද්ධ අධ්යාමපන‍යේදී සඳහන් අවසාන පරමාදර්ශය ශාක්ෂාත් කිරීමයි.
බෞද්ධ අධ්යාසපනයේදී ස්වයං ප්රේත්යදක්ෂයට මූලික ස්ථානය පිරිනැමේ.ඇදහීම,භක්තිය වැනි විශ්වාස මූලික කරගත් දේට බුදුදහමේ කිසිදු ඉඩක් නැත.කාලාම සූත්රෂයේ පෙන්වා ඇති පරිදි සිතීම, ක්රිැයාකිරීම ආදී සියළු කටයුතුවලදී අධානග්රාකහීත්වයෙන් බැහැරවී තමාට වැටහෙන පරිදි ස්වාධීනව කටයුතු කිරීම උසස් යැයි පෙන්වා දී තිබේ.කෙනෙකුගේ මානසික නිදහස අවුරාතැබීම මඟින් ලබා ගන්නා පැහැදීම උසස් යැයි බුදුදහමේ නොසැලකේ.ඒ වෙනුවට පුද්ගලයාට මානසික විකසිත බව ඇතිකර ගැනීම පිණිස පූර්ණ නිදහස පිරිනමා ඇත.එමඟින් පුද්ගලයෙකු අත්පත් කරගන්නා ප්රාඥාව නිසා විමුක්තිය ලැබීමට අවශ්යස සංජානන පැතිකඩ වර්ධනය වන බව පැහැදිලිව පෙන්වා දී තිබේ.ඒ සංජානන පැතිකඩේ සංවර්ධනය ලැබීම නිසා සසර භව ගමන කෙළවර කළහැකි බව දැක්වේ.මේ සංජානන හැකියාව වනාහී කිසිදු ලෞකික දැනුම් මට්ටමකින් ලැබිය හැකි අවබෝධයක්ද නො‍වේ.ඉගෙනුම තුළින් ලැබිය හැකි සුතම ඥානය ප්ර ත්යික්ෂ අවබෝධයක් ලෙස බුදුදහම නොසලකයි.මන්ද දැනුම යනු ස්මරණය තුළින් විෂය කරුණු පිළිබඳ මතකය ගබඩා කරගැනීම විනා ලෝකය විනිවිද දැකීම නොවන බැවිනි.
ඒ නිසා බුදුදහමේ අධ්යානපන ක්රිමවේදයක් සකස්වී ඇත්තේ සංජානන පැතිකඩතුළ සිදුවන පූර්ණ පරිවර්තනයක් මඟින් ප්රනත්ය ක්ෂ අවබෝධය ලැබිය හැකි වන ලෙසය.මෙම ප්රවත්යරක්ෂ අවබෝධය දැනුම සේ ‍විටින් විට වෙනස්වන්නක් නොවේ.දැනුම ගොඩනැඟී ඇත්තේ උපකල්පන, නියම, සිද්ධාන්ත, ප්රනමේයය වැනි පූර්ව නිගමන ඔස්සේය.ඒවා සත්යෙැක්ෂය කළ කාලසීමාව තුළදී පමණක් ඒක දේශික වශයෙන් එය සත්යනකැයි පෙනීගියද,හුදෙක් එබඳු දේවල් ඒකාන්ත සත්යොකැයි වරදවා නොවටාගත යුතුය.මන්ද වරෙක සත්යනකැයි සම්මතව තිබූ ප්රුමේයය,නියම,උපකල්පන ආදී දේ පවා තවත් වරෙක අසත්යක දේ ලෙස ලෝකයා විසින් සම්මත කළ හැකි බැවිනි.එවිට ඊට අනුව සත්යෙකැයි පිළිගැනී පැවති දැනුම් කොට්ඨාශ පවා විටක අසත්ය වේ.එනිසා මෙබඳු තාවකාලිකව පමණක් සත්යනකැයි සම්මතව පවතින නමුදු ඒකාන්තවසත්ය්කැයි ප්රාත්ය‍ක්ෂයෙන් නොදත්දේ සත්යායකැයි අධානග්රාවහීවසලකා කටයුතුකිරීම අ‍ගෝචරය.අධානග්රාරහීව පැමිණෙන නිගමන බොහෝ අවැඩදායක නිසාය.
මේ හේතුව නිසා බෞද්ධ අධ්යරපනයේදී සංජානන පැතිකඩේ වැදගත්කම අවිවාදිතය.මෙහි සංජානන පැතිකඩ වර්ධනය කිරීම යනු හැකිතාක් මනස විෂය කරුණුවලින් පිරවීම නොවේ.දැනුම අනිත්ය ය.දැනුම යනු ස්මරණයේ තැන්පත්ව ඇති මතකයයි.මතකය මනසෙන් වෙන්ව පවතින්නක් නොවේ.දැනුම මනසේම කොටසකි.මනස භෞතික පදාර්ථ ස්වභාවය ඇසුරුකොට පවතින්නකි.ඒ භෞතික පදාර්ථ ත්රි ලක්ෂණ ධර්මතාවයට යටත්ය.මේ නිසා මනසද ත්රිාලක්ෂණ ධර්මතාවයට යටත් බව අමතක නොකළ යුතුය.මනසේම කොටසක්වන දැනුමද එනිසා ත්රිනලක්ෂණ ධර්මතාවයට යටත් වේ.මුළු මහත් ලෝකයම ත්රිවලක්ෂණ ධර්මතාවයට අයත්ය.ලෝකයෙන් එතෙරවීමේ හැකියාව ඇති වනුයේ ත්රියලක්ෂණ ධර්මතාවෙන් මිදීම තුළිනි.එනම් ලෝක විෂය සීමාවෙන් එහාවූ ලෝකෝත්තර තත්වයයි.එය සතර මහා භූතයන් ඉක්මවූ අවස්ථාවකි.එහි කිසිදු ප්රසඥප්තියක් නැත.දෘෂ්ටි,විනිශ්චය, සම්මුති ආදී දේවල්ද නොමැත. බෞද්ධයින් විසින් ස්වයං ප්රාත්ය.ක්ෂයෙන් අත්දැකිය යුතු යැයි දෙසා ඇති නිර්වාණය නම් සියළු ප්රේඥප්ති ඉක්මවූ අවස්ථාවයි. නමුදු ඒ තත්වය කෙනෙකුට ප්ර්ත්යතක්ෂ කළ නොහැකි අවස්ථාවක් නොවේ.
එය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළ ඕනෑම අයෙකුට ඉතා පැහැදිලිව අවබෝධ කළ හැකි තත්වයකි. නිවන් අවබෝධයට පැමිණි උතුමන් වහන්සේලා ආර්ය නාමයෙන් හඳුන්වා තිබේ.බෞද්ධ අධ්යාිපනයේ පරමාර්ථය මේ ආර්ය අවබෝධයට පත්වීම පිණිස මාර්ගය පෙන්වාදීමයි.අවසානය පරමාර්ථය සාක්ෂාත් කළ උතුමා ක්ලේශ පරිනිර්වාණයෙන් පසුව ඇසුරු කරන භෞතික ලෝකය එලෙසම පුහුදුන් පුද්ගලයාද ඇසුරු කරයි.නමුදු ආර්ය උතුමාගේ වැඩි දියුණු කළ සංජානන හැකියාව නිසා එකම අත්දැකීම් පරාසය ලෞකිකත්වයෙන් අත්මීදී ගනු ලබද්දී පුහුදුන් පුද්ගලයා අඩු සංජානන හැකියාව නිසා එම අත්දැකීම් පරාසයම ලෞකිකත්වයතුළ රැඳීසිටිමින් සංජානනය කරගනු ලැබේ.මේනිසා බුදුදහමේ විවිධ සම්ප්ර දායවලදී සසර හා නිවන යනු එකම කාසියේ දෙපැත්තම බව අවධාරණය කර තිබේ.එකම කරුණ වුවද රහතන්වහන්සේ දකින ස්වරූපයත්,පුහුදුන් පුද්ගලයා දකින ස්වරූපයත් එකිනෙකට පරස්පර වෙනස්ය.නිවන,සසර ආදීසේ දක්වා ඇත්තේ එකී ස්වරූපය දෙකයි.මේ අනුව රහතන්වහන්සේට ඕනෑම ඉන්ද්රිකයගතවූ අරමුණක් සංජානනය වීමේදී උන්වහන්සේතුළ ඇතිවනුයේ නිවන් අරමුණුවූ ක්රි්යා සිත්ය.ඒවායින් කර්මඵලාදී විපාක නොඉපදේ.එබැවින් උන්වහන්සේ සසරින් මිදුනු පුද්ගලයෙකි.නමුදු පුහුදුන් පුද්ගලයා එබඳු ඉන්ද්රියයගතවූ අරමුණක් සංජානනයවීමේදී ඒවා ආශ්වාදය කරයි.ඒ නිසා ඇතිවනුයේ කුසල,අකුසල සිත්ය.ඒවා මතු විපාක ගෙනදීමේ හැකියාවෙන් යුතුය.එනිසා පුහුදුන් අය සසරට බැඳුනෝ වෙති.
මේ හේතුව නිසා යමෙකු සසරට බැඳ තැබීමට මෙන්ම සසරින් නිදහස්ව විමුක්තිය ලැබීමට ඒ පුද්ගලයා ඉන්ද්රිවයගතවූ අරමුණු කෙසේ සංජානනය කරගන්නේදැයි යන්න මත රඳාපවතින බවද පැහැදිලිය.එසේම යම්කිසි පුද්ගලයෙකු සතුව ඇති අභ්යණන්තර සංජානන පැතිකඩ උත්පත්තියෙන් උරුම‍කරගෙන එනුලබන කිසියම් සුවිශේෂී අනන්යලතාවයක් අනුව සකස්ව පවතිනබවද වටහාගත යුතුය.මේ උත්පත්තිගත සංජානන හැකියාව ත්රිිහේතුක කුසල සම්පත්තිය යන නමින්ද හැඳින්වේ.ඒ අනුව යම්කිසි කෙනෙකු මෙලොව ධ්යා්න,මාර්ගඵල ආදී විවිධසුවි‍ශේෂී උත්තරීතර මනුෂ්යි හැකියා ලැබීම සඳහා මෙකී ත්රිනහේතුක කුසල සම්පත් උපනිශ්රනය වශයෙන් පැවතිය යුතුබව බුදුදහමේ දක්වා ඇත.ත්රිකහේතුක කුසල සම්පත්තියකින් උපත නොලැබූවෙකුට මෙලොව වශයෙන් කරන කවරනම් වෙරවීරිය වැඩීමකින් වුවද ධ්යාකන,මාර්ගඵල සම්පත් ලැබිය නොහැකිබවද සඳහන්ය.මේ අනුව යම් යම් පුද්ගල සුවිශේෂතා පිළිබඳ බෞද්ධ අධ්යාකපනයේදී අවධාරණය කරඇතිබව පෙනේ.බුදුදහමේ ඇති සුවිශේෂී ලක්ෂණයක් නම් සංජානන හැකියාව මඟින් සංවර්ධනය කළහැකි නියම පුද්ගලයාව අඳුනාගෙන ඉන්පසුව ඒ පුද්ගලයාතුළ අදාළ හැකියාව වැඩි දියුණු කිරීමයි.මේ අනුව වඩා ඵලදායීව බෞද්ධ අධ්යාගපනය කළමනාකරණය කර ඇතිබව පැහැදිලිය.බෞද්ධ අධ්යාවපනය මඟින් පුද්ගල විභව ශක්තීන් ඔප මට්ටම්කර පෞරුෂය උපරිම අවස්ථා දක්වා සංවර්ධනය කළහැකිබවද මෙහිදී පොදුවේ පිළිගැනී තිබේ.මේ පෞරුෂ‍යේ උපරීම අවස්ථාව නම් සිත කෙළෙසුන් කෙරෙන් මිදීමයි.
මූලික වශයෙන් බෞද්ධ ප්රිතිපදාන සීල, සමාධි හා ප්රෞඥා යන ත්රිම ශික්ෂාවට සංග්රසහ කර ඇත. සීලය නිසා චර්යා පැතිකඩද, සමාධිය නිසා ආවේදන පැතිකඩද, ප්රාඥාව නිසා ප්රරජානන(Cognition) මෙහි ප්රනජානනය යනුවෙන් දැක් වෙනුයේ හැඳිනීම,දැනීම,උපලබ්ධිය,ඥානය යන කරුණුයි.කිසියම් කෙනෙකුතුළ යම්කිසිවක් කිසිවක් අරබයා මීට පෙර නොතිබූ නුවණක්,දැනුමක්,ඥානයක් ඇතිවීම ප්රයජානනයයි.එසේම මෙකී චර්යා,ආවේදන,සංජානන යන පැතිකඩවල සංවර්ධනය නිසා බාහිර ලොව නිවැරදිව අර්ථකථනය කරගැනීමට හැකිවීම සංජානනයි.ඒ අනුව යමෙකුතුළ වැඩි දියුණු වන චර්යා,ආවේදන,ප්රකජානන හැකියා නිසා ඒ පුද්ගලයා සෙසු අයට වඩා හොඳින් බාහිර පරිසරය සංජානනය කරගනී. එසේම සීලය සමාධියට හා ප්ර‍ඥාවට උපනිශ්ර ය වේ.
එසේම චර්යා සැකැස්ම, ආවේදන සැකැස්ම සංවර්ධනය කිරීමටද,ආවේදන සැකැස්ම ප්‍රජානන සැකැස්ම සංවර්ධනය කිරීමටද අන්යෝනන්යව වශයෙන් උපකාරීවේ.එසේම තවත් විටෙක ප්ර්ජානන සැකැස්ම චර්යා හා ආවේදන සැකැස්ම වැඩිදියුණු කිරීමටද උපකාරීවේ.ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස්වී ඇත්තේ මේ සඳහන් ක්රිරයාවළිය නිවැරදිව සිදුවන අයුරිනි.මේ අනුව බෞද්ධ අධ්යා්පනයේ අවසාන පරමාර්ථය ලෙස හැඳින්වෙන අර්හත්වය ශාක්ෂාත් කර ගැනීමෙහිලා සංජානනයට පූර්වංගම වශයෙන් උදව් වන චර්යා, ආවේදන හා ප්ර ජානන නමින් පැතිකඩ තුනක්ද ඇති බව වටහාගත යුතුය.බෞද්ධ දෘෂ්ටි ‍කෝණය අනුව සංජානනය පරිපාකයට පත්වනුයේ මෙකී පැතිකඩ තුනෙහිම ඇතිවන ක්රාමිකවූ සංවර්ධනය අනුව බව මෙහිදී දැකගතහැකි ප්රයධාන ලක්ෂණයකි.කිසියම් පුද්ගලයෙකුගේ ජීව විද්යාි සැකැස්මෙහි ස්වරූපයට අනුව සංජානනයට අදාළ චර්යා,ආවේදන හා ප්ර ජානන පැතිකඩ දියුණු කළහැකි අතර ඒවායේ විවිධ කායික මානසික සීමාවන්ද තිබිය හැක.මන්ද ඉගෙනීමෙන් ලබාදිය හැකි දියුණුව ලැබීමට සුදුසු භෞතික ජීව විද්යාක ව්යු්හයක් උපතින් උරුමකරගෙන නොතිබෙන අයෙකුට ඒ දියුණුව කුමන ක්ර මයකින්වත් ලබාදිය නොහැකි බැවිනි.ත්රි‍ හේතුක පටිසන්ධිය වැනි කරුණු වැදගත්වනුයේ මේ නිසාය.අභිඥා,ධ්යාින,මාර්ගඵල ආදී උත්තරීතර මානුෂික ශක්ය්තා යම් පුද්ගලයෙකු තුළ පුබුදුකළ හැක්කේ ඊට සරිලන ජීව විද්‍යා ව්යුුහයක් උරුම නම් පමණි.
බෞද්ධ අධ්යානපනය පුද්ගල පෞරුෂ විභවතා නිවැරදිව හඳුනාගැනීමට උපදෙස් දී තිබේ. ඒ බෞද්ධ අධ්යා පන ක්රි යාවළිය ඇරඹීමට පෙර කුමන ස්වරූපයේ අධ්යාසපන ක්ර.මවේදයක් යෙදිය යුතු දැයි අවබෝධකරගැනීමේ අරමුණ ඇතිවය.බෞද්ධ අධ්යාඇපනයේ අවසාන නිෂ්ටාව අර්හත්වය බව සත්යණයකි.අර්හත්වය ලැබිය හැක්කේ විෂයය දැනුමෙන් හෝ යම් දෘෂ්ටියකින් පුද්ගල මනස පුරවා දැමීමෙන් නොවේ. සියළු දෘෂ්ටි ඉවත්කර මනසේ පැහැදිලි නිර්මල පවිත්රම තාවය මතුකර ගැනීම තුළිනි.එනිසා අර්හත්වය ලැබීමට මූලිකව පුද්ගල දුබලතා හා ප්ර්බලතා පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇතිකරගත යුතුය.ඉන් අනතුරුව දුබලතා ඉවත්කර ප්රයබලතා වැඩිදියුණු කර මානසික පවිත්රපතාව ඇතිකළ හැක.බෞද්ධ අධ්යාරපනයේ සුවිශේෂී ලක්ෂණය විදර්ශනා භාවනාව තුළ ගැබ්ව තිබේ. එහි ක්රසමික පියවර මඟින් සිදුවනුයේ අනු ක්රයමයෙන් මානසික පිරිසිදුබව කරාළඟාවීමයි.මේ සඳහා සප්ත විශුද්ධි නමින් හඳහන්වන සිත පවිත්රසකිරීමේ අනුක්රාමික පියවර හෝ මට්ටම් සතක් තුළින් ගමන්කළ යුතු බව පෙන්වාදී තිබේ.මේ අනුක්රිමික පියවරතුළදී පිළිවෙලින් චර්යාව, ආවේදනය,ප්රුජානනය පිරිසිදු වේ.මේ පැතිකඩ තුනෙහිම පවිත්ර ත්වය සම්පූර්ණවීමත් සමඟම සමස්ත සංජානන ක්රිචයා වළිය තුළ පැවති වැරදි වැටහීම් නැතිවී‍ ‍ගොස් නිවැරදි දැක්මකට පත්වේ.
යථාභූත ඥාණ දස්සන නමින් දක්වා ඇත්තේ මෙයයි.සිව්මාර්ගඵල ඥාණ ලෙස පහළවන්නේ මෙකී වැඩි දියුණු වූ සංජානනය බව වටහාගත යුතුය.පළමු මාර්ගඵල ඥාණයේ සිට අනුපිළිවෙලින් ඇතිවන මෙකී සංජානන හැකියාව අර්හත්ව‍ය ලැබීමත් සමඟම සම්පූර්ණවේ.මෙහි ඇති සුවිශේෂීබව නම් සංජානනය උපරිම නිෂ්ටාව වූ අර්හත්ව මට්ටම දක්වා සංවර්ධනය කරන ක්රිමයාවළියේදී යම්නිශ්චිත අවස්ථාවන්හි චර්යාවේ, ආවේදනයේ හා ප්රහජානනයේ වැඩි දියුණුවක් දක්නට ලැබීම මුල්ම ආර්යබවට පත්වීමේ ලක්ෂණය ලෙස දැකියහැකිබවයි.ඉන් අනතුරුව මුල්ආර්යභූමියේ සිට තෙවැනි ආර්යභූමිය දක්වා අනුක්ර මිකව පුද්ගල සංජානනය වැඩිදියුණුවේ.එහි හැරවුම් ලක්ෂය සනිටුහන්වනුයේ මුල් වරට සෝවාන්වීමත් සමඟමය.මේ අනුව උපරිමය වූ අර්හත්වය ප්රැති‍වේධ කළ අවස්ථාවතුළ පමණක් නොව ඊට පෙර සේඛ අවස්ථාවලදී පවා ඒසඳහා උචිත චර්යා ආවේදන හා ප්රවජානන පැතිකඩවල් හිමිවී තිබූ බව දැකගත හැකිවිය.මේ අනුව රහතන් වහන්සේලාතුළ දැකියහැකි සමාන සංජානන හැකියාව ඊටසමාන සෙසු රහතන්වහන්සේලාහටද ලැබේ. පුද්ගල පෞරුෂය විවිධ වියහැක.ඒනිසා යමෙකුට අවශ්යාවන කමටහන් තව අයෙකුට ඊට සමානව අවශ්ය නොවියහැක. බුදුදහමේ පුද්ගල කෙන්ද්රිෙය උපදෙස් ලබාදී ඇත්තේ මේනිසාය.මේ සඳහා ඉතා හොඳ ගුරුවරයා සොයමින් කල්හැරීමට වඩා තමාට හැකිසේ කුඩා පියවරක් හෝ සත්යා වබෝධය කරා යන දීර්ඝ ගමනේදී නොපමාව තැබීම වැදගත් වියහැක.

Advertisements

සම්බන්ධව kalpanthaya
මම ආචාර්ය උපාධිය (PhD), දර්ශනපති (M.Phil)පශ්චාත් (පර්යේෂණ) උපාධි විවිධ විෂය ක්ෂේත්රකයන් යටතේ විශේෂ උපාධි ගෞරව (ප්ර ථම පංති ) ‍හා ඇතුළු උපාධි පහක් විශ්වවිද්යාමල කීපයකින් ලබා සිටිමි.මනෝවිද්යාh විෂය යට‍තේ විවිධ ශාස්ත්රීාය පර්යේෂණ කෘති 20 ක් දැනට ප්රාකාශිතය.අධ්යායපන මනෝවිද්යාෂව විෂයට අදාළ කැලණිය විශ්ව විද්යා ලයේ සුපුරුදු ශාස්ත්රීයය පර්යේෂණ අධ්ය යන ක්ෂේත්රටයේ කටයුතුවල හා මාගේ ශාස්ත්රී ය පර්යේෂණ ග්

One Response to මඟඵල නුවණ හා බෞද්ධ අධ්යා පනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: