විදර්ශනා භාවනා ක්‍රම

බුද්ධ කාලීනව බුදුන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී විවිධ ස්ථානවලදී විවිධ අය අරභයා දේශනා කරන ලද ධර්ම දේශනා ත්රිවපිටකයතුළ සංග්රනහවී ඇත.බුදුන්වහන්සේට අවශ්ය වූයේ සිද්ධාන්ත හෝ න්යා්ය සමූහයක් සිය දහම සේ අන්යියන්ට හඳුන්වාදීමට නොවේ. තම ජීවිතකාලය තුළ ආගමික ව්යා පාරයක් හෝ ඇදහිලි පද්ධතියක් ජනතාවට හඳුන්වාදී ආගමික ශාස්තෘවරයෙකු වීමට බුදුන්වහන්සේට අවශ්යය නොවීය.බිඳෙන්බිඳ සූත්රග දේශනා එකරැස් කොට ත්රිතපිටක සාහිත්යනයක් නිර්මාණය කර පරම්පරානුගතව එම ධර්මය පවත්වා ගෙනයෑම පිණිස සිය ශිෂ්යෘ පිරිස මෙහෙය වීමටද උන්වහන්සේට ඇවැසි නොවිනි.මේ සියළු දේ සිදුවිය.නමුදු එය බුදුන්වහන්සේගේ මූලිකම අභිප්රාටය නොවීය.බුදුන්වහන්සේගේ අවංක අභිලාෂය වූයේ ලෝක සත්වනයා දුකින් වෙලී ඇති බවත්, එම දුක පිළිබඳව,එම දුකට හේතුව,දුකින් මිඳීම හා දුක නැති කරන මාර්ගය මහජනතාවට පහදා දී ලෝක වාසී සියළු සත්වියින් එම දුකින් මුදවාගැනීමට උපකාරීවීමයි.මේ සඳහා දිවා රෑ අව්වැසි ආදිය නොබලමින් සියළු සත්වයාට පිහිටවීමේ ඒකායන අභිප්රාීයෙන් කටයුතු කිරීමට උන්වහන්සේ යොමු වූ බවට අවශ්යද තරම් සාධක ත්රිේපිටකය පුරා දැකගත හැකිය.බුදුන්වහන්සේගේ ධර්ම දේශනා බොහෝවිට යොමුවූයේ පුද්ගලයින්ගේ අභ්යතන්තර ආකල්ප, කුසලතා හා මනෝචාලක හැකියාව වර්ධනය කරන ලෙසටය.මෙය උපදෙස් ලබාදීමක් පමණක් නොවීය.උපදේශනය (Counseling ) තුළ අන්තර්ගත අභ්ය න්තර පෞරුෂය පුබුදුවාලන ක්ර මවත් ප්රානයෝගික වැඩපිළිවෙළ උන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්ම දේශනාතුළ ගැබ්ව තිබිණ.මෙමඟින් සිදුකර ඇත්තේ හුදෙක් දේශනාවන් ශ්ර)වණයකිරීමෙන් සාමාන්යළ සදාචාර සම්පන්න චර්යාවකට යොමුකරවීමට වඩා ප්රාවයෝගික දෙයකි. ධර්ම දේශනා ශ්රාවණය කිරීමෙන් පසු සදාචාර සම්පන්න නොවූ අය වූ දාමරිකයින් මංපහරන්නන් ගණිකාවන්, යක්ෂ, රාක්ෂ ආදී අමනුෂ්යච පිරිස් සුවච හික්මුණු අය බවට පත්වූයේ එබඳු දේශනාතුළ ගැබ්වූ උසස් සදාචාර දර්ශනය ස්වකීය නැණ පමණින් අවබෝධයෙන් යුතුව තම මනසෙහි පිහිටුවා ගත් බැවිනි.එලෙස මනසෙහි පිහිටුවා ගතහැකි උසස් ප්රානයෝගික දර්ශනයක් එම දේශනාතුළ ඇති බව ධර්ම දේශනා ශ්රලවණය කිරීමෙන් පමණක්ම මාර්ගඵල ලාභීන්වූ උතුමන් පිළිබඳ දැක්වීම අනුව පැහැදිලිවේ.මේ අවබෝධය වනාහී හුදෙක් ධර්ම දේශනාකර ඇති වචනවල අර්ථය අවබෝධකර ගැනීම නිසා ඇතිවූ අවබෝධයක් පමණක් නොවේ.එසේම හුදු විශ්වාස මාත්රකය නිසා හෝ ගරුත්වය නිසා හෝ පිලිගැනීම නිසා ඇතිවූ අවබෝධයක් පමණක්ද නොවේ.පිළිගැනීම හෝ විශ්වාස මාත්ර ය වෙනුවට ප්ර ත්යහක්ෂව අවබෝධයට බුදුන්වහන්සේගේ ධර්මයේ මූලික ස්ථානයක් පිරිනැමිනි.මේ අනුව බුදුදහම අභිචාර විධියක් සේ පිලිගැනීම වෙනුවට අවබෝධයෙන් යුතුව ස්වකීය ජීවිතයට එක්කර ගැනීමට මිනිසුන් පෙළඹිනි.බුදුන්වහන්සේගේ දහමතුළ අන්තර්ගතව තිබූ උසස් සදාචාර දර්ශනය අවබෝධ කරගැනීම මඟින් යළි නොවෙනස්වන ලෙස සිය ජීවිතවලට එක්කර ගතහැකි විය.මිනිසුන්ගේ එම අවබෝධය පුළුල් කළ සදාචාර දර්ශනය එතෙක් භාරතීය කිසිදු සමය සම්ප්ර.දායක් විසින් ඉදිරිපත් කර නොතිබූවක් විය.එය බුදුන්වහන්සේගේම සොයාගැනීමක් විය.නමුදු ඒ ක්රහමවේදය බුදුරදුන්ගේ නිර්මාණයක් නොවේ.කාලයේ වැලි තලාවෙන් වැසී පැවති මාර්ගයක් යළි හෙළිකර දීමක් වැනිය. සිද්ධාර්ථ කුමරු මෙලොව ජනිතවන කාලවකානුව වනවිට විවිධ සමථ භාවනාක්රීම ඉතා දියුණුව පැවතිනි.ගිහි ගෙය හැරදමා තවුස් පැවිද්ද ලබා වනගතව හිඳ සමථ භාවනාක්රකම ප්ර ගුණකර ලෞකික ධ්යාින ලැබූ උතුමන් ජීවමානව වැඩ සිටිබවට සාධක විද්ය්මාන වේ.සත්යක ගවේෂණය කිරීම පිණිස ගිහිගෙයින් අභිනිෂ්ක්රලමණයකොට තවුස් පැවිද්ද ලබා සිටි සිදුහත් තවුසා මුලින්ම කුසල් මඟ කුමක් දැයි විමසීම පිණිස සොයාගියේද මෙවැනි ලෞකික ධ්යා න සමාපත්ති ලාභීව එකල ප්ර කටව වැඩසිටි සෘෂිවරුන් වෙතය.ආලාමකාලාම,උද්දක රාමපුත්ත මෙවැනි සෘෂිවරුන් දෙදෙනෙකි.මේ දෙදෙනා එකල ලබාතිබූ දැනුම ලෞකික අෂ්ට සමාප්ත්ති ලැබීමෙන් කෙළවර වී තිබිණ.නමුදු මේ දැනුම කෙළෙස් යටපත් කිරීමට පමණක් සීමාවූ දෙයකි.කෙළෙස් යටපත්කර කෙතෙක් ඉහළ තල වල ලෞකික ධ්යානන සමාපත්ති ලැබූවද එය තාවකාලිකය.දිය යට ඔබා සිටින රබර් බෝලයක් අත ලිහිල් කළ සැනින් යළි දිය මතුපිටට ඇදී එන්නාක් පරිද්දෙන් ලෞකික ධ්යාලන සමාපත්ති ලාභීවීම මඟින් යටපත් කර සිටින කෙළෙස් කෙදිනක හෝ යළි අවසරයක් ලද සැනින් යළි සිතේ ඇතිවීමට ඉඩ ඇති බැවිනි.මේ හේතුව නිසා ලෞකික ධ්යාළන ලාභය ඉතා පරිස්සමින් ආරක්ෂා කරගත යුතුය.
බුදුන්වහන්සේගේම විශිෂ්ට සොයාගැනීමක් වූයේ එතෙක් භාරතීය සමාජයේ සොයාගෙන නොතිබූ විශේෂ සදාචාර දර්ශනයකි.මෙය එතෙක් සොයාගෙන තිබූ සියළු දර්ශනවාද අතරින් ඉතා විශිෂ්ටතම දර්ශනය වනුයේ සෙසු දර්ශනවාද මෙන් මෙය කිසිදු අන්තවාදයක් සේවනය නොකරන දර්ශනයක් වූ බැවිනි.සැබවින්ම මෙහි විශේෂතාවය වූයේද මෙයයි.එතෙක් භාරතීය සමය සම්ප්රබදාය විසින් සතුකරගෙන තිබූ සියළු දර්ශනවල දක්නට ලැබුණු පොදු ලක්ෂණයක් වූයේ එම දර්ශනවාද සියල්ල ද්වි අන්ත සේවනය කරන බවයි.මේ ද්වි අන්ත නම් උච්ඡේදවාදය හා ශාස්වතවාදයයි. උච්ඡේදවාදය කාමසුඛල්ලිකානුයෝගී ප්රේතිපදාව මඟින්ද ශාස්වතවාදය අත්තකිලමථානුයෝගී ප්රදතිපදාව මඟින්ද නිරූපණය වේ. මේ අන්තවාද දෙකම සේවනය නොකරන ප්රතතිපදාව මඟින් සිදු කරනුයේ ඉහතකී අන්ත දෙකම ප්රිහාණය කිරීමයි.මේ හේතුව නිසා මේ ප්ර තිපදාවේ ලක්ෂණ මෙම අන්තදෙකටම වඩා වෙනස්ය.මේ ප්රීතිපදාව මධ්යේම ප්ර්තිපදාව නමින් හැඳින්වේ. එනම් අන්තවාද සේවනයෙන් වැළකීමත් මධ්යදස්ථ ප්රීතිපදාවක් බැවිනුත්ය.මධ්යරම ප්රහතිපදාවේ සුවිශේෂී ලක්ෂණයක් නම් එය අන්තවාදී ප්රනතිපදා දෙකටම වඩා ප්රාියෝගිකවීමයි. ආර්යය හෙවත් උසස් බවට පත්කරවන නිසා මේ මධ්ය්ම ප්රටතිපදාව ආර්ය ප්රතතිපදාව නමින් ද හැඳින්වේ.එසේම අංග අටකින් සමන්විත නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද හැඳින්වේ.මේ අංග අට නම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,සම්මා ආජීව,සම්මා සති, සම්මා සමාධිය.මේ සියළු අංග අටට මුලින් සම්මා යනුවෙන් දැක්වෙනුයේ නිවැරදි යන අර්ථයයි.ඒ අනුව නිවැරදි චෛතසික, වාචසික, කායික ක්රිදයා පැවැත්වීමෙන් අන්තවාද සේවයෙන් වැළකිය හැකි බවත්, එයම ආර්ය හෙවත් උසස්බවට පමුණුවා ගැනීමට ඉවහල්වන ප්ර තිපදාව වන බවත් මින් අදහස් කෙරේ.විදර්ශනා භාවනාව මඟින් සිදුවනුයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි මාර්ගාංග අනුක්රඋමිකව වැඩීමයි.ඒ අනුව මුලින් සමථ භාවනා සිදු කර දෙවනුව විදර්ශනා භාවනාව වැඩීමට හැකිය.එසේම මුල පටන්ම විදර්ශනා භාවනාව වැඩීමටද පුළුවන.පළමුව සමථභාවනා වැඩීම මඟින් සිතතුළ ඇති කෙළෙස් යටපත්කිරීමට අවකාශ සැලසේ. සමථයේදී සිදුවනුයේ කෙළෙස් යටපත්කිරීමයි.විදර්ශනා භාවනාවේදී සිදුකරනුයේ අවබෝධයට අනුකූලව කෙළෙස් ඇති නොවීමයි.මුල පටන් විදර්ශනාභාවනා කිරීමේදී වුවද සිදුවනුයේ විදර්ශනා චින්තනය සමඟ කෙළෙස් යටපත්වයෑමයි.එයද සමථ ලක්ෂණ දරයි.මේ නිසා සමථ භාවනා කළදථ විදර්ශනා භාවනා කළද ආරම්භක පියවරේදී මේ භාවනා දෙකින්ම සිදුවනුයේ එකම කාර්ය බව වටහාගත යුතුය.නිදසුනක් දැක්විය හැකිය.කාම සංඥාවක් හෝ ද්වේෂ සංඥාවක් සිතට නැඟීම වැළැක්වීම සඳහා කාම සංඥාවට නම් පිළිකුල් අරමුණක්ද ද්වේෂ සංඥාවට නම් මෛත්රීව අරමුණක්ද සිතට නංවාගත හැකිය.එහිදී පිළිකුල් අරමුණ මඟින් කාමසංඥාවද මෛත්රීර අරමුණ මඟින් ද්වේෂ සංඥාවද යටපත්වේ.එය සමථ භාවනා ක්රවමවේදයයි.ආරම්භයේ පටන් විදර්ශනා භාවනා කිරීමේදී මේ කාම සංඥාව හෝ ද්වේෂ සංඥාව හෝ පිළිබඳව සිහියෙන් හා අඛණ්ඩ නිරීක්ෂණයෙන් යුතුව සැලකීමේදී එබඳු සංඥාවක් ඇතිවීමේදීම මේ සංඥාව ඇතිවූ බව දැනී යයි.ඒ පිළිබඳ සිහිය දියුණුවීම සමඟ ක්රබමිකව කාම සංඥාව හෝ ද්වේෂ සංඥාව ක්රදමිකව දුරුවී යයි.මෙයද විදර්ශනා භාවනාවෙන් සමථය වැඩීමකි.කාමය හෝ ද්වේෂය ඇතිවූ මොහොතේම එය හඳුනාගැනීම නිසා යටපත් කිරීමේ වෑයමෙන් තොරව ක්රමමිකව අදාළ සංඥාව වියැකී යනු දැනේ.විදර්ශනා භාවනාවේදී සමථය වැඩීමේ පිළිවෙළ එබඳුය.සිහිය දියුණුවීම සමඟ කාමය හෝ ද්වේෂය ඇතිවීම, පැවතීම හා වියැකීම හඳුනා ගනියි.කාමය හෝ ද්වේෂය ඇතිවීම,ඇතිවීමට හේතුව,එය නැතිවීම හා නැතිකිරීම ක්රීමවේදය යන කරුණු සතර පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇතිවේ.මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම මඟින් චතුරාර්ය සත්යාහවබෝධය ලැබීමයි.විවිධ ගුරුකුලවල විදර්ශනා භාවනා කිරීමේ ක්රයම ගණනාවක්ම තිබේ.කුමන ක්රලමවේදය භාවිතා කළද වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.එසේම විදර්ශනාවේ භාවනා දියුණුව විවිධ මට්ටම් සතකට බෙදා විග්රෂහකර තිබේ.විදර්ශනා භාවනාවේ මේ මට්ටම් නම් වී ඇතිතේ සප්ත විශුද්ධි යන නමිනි.ඊට හේතුව අනුපිළිවෙළින් සත්වරකදී සිතතුළ විශෝධනයක් ඇතිවීමයි.සත් වරක් සිත පිරිසිදුවීම යන අදහසද සප්ත විශුද්ධි යන හැඳින්වීම තුළ ඇත.මෙම සප්ත විශුද්ධියතුළ සිතේ කෙළෙස් ප්රමහීණවීම දක්වා යන අනුපිලිවෙළ ක්ර මවේදය සඳහන්ය.එසේම සිතේ සමථය වැඩී ඒ සමඟම සිහිය දියුණුවී ඒ දියුණු වූ සිහිය මඟින්ම ප්ර ඥාව ඇතිවීමේ අවස්ථා මේ තුළ විග්රැහකර දක්වා ඇත.මූලික පියවරේදී විදර්ශනා ඥාණය නමින් ඇතිවන ප්රරඥාවම පසුව භාවනාවේ දියුණුව සමඟ ක්රතමිකව වර්ධනයවී නොවෙනස්වන ලෙස පහළවීම මාර්ගඵල ප්රවඥාව නමින් දක්වා තිබේ.මේ මඟඵල ඥාණය පහළවූ පසුව තවදුරටත් නොවෙනස්වන චිත්ත ගති ස්වභාවයකට අදාළ භාවනානුයෝගියා පත්වනබව සඳහන්ය.මීට හේතුව කෙළෙස් ඇතිවීමට බලපාන සියළු සාධකවල ඉතා ගැඹුරු විශ්ලේෂණාත්මක කරුණු සියල්ලක්ම මේ අවස්ථාවේදී අවබෝධකර අවසන් බැවිනි.
විදර්ශනා භාවනාවේදී සිදුකරන්නා වූ ප්රුධානතම කෘත්යා වනුයේ භාවනානුයෝගියාට ඉන් පෙර කිසිදු ක්රවමයකින් ලබාගත නොහැකි ලෝක විෂයට අයත් නොවූ ප්රයඥාව ලබාදීමයි.මේ ලෝක විෂය ලෙස හඳුන්වා ඇත්තේ ලෞකික සීමා හා සම්මුතිවලට අයත් දැනුමයි.කවර හෝ දැනුමක් ඒ ලෝක විෂයට කොටුවී සීමාවී පැවතීම බුද්ධියේ පිබිදීමට බාධාවකි.මේ හේතුව නිසා විවිධ ගුරුකුල හා සම්ප්රමදායන්වල විදර්ශනා භාවනාව වැඩීම මඟින් ප්රමඥාව උපදවා ගන්නා අයුරු විග්ර හකර ඇත.ඒ සෑම ක්රදමයකින්ම සිදුකරනුයේ සප්ත විශුද්ධිය උපායමාර්ගිකව සම්පූර්ණ කිරීමයි.මේ සප්තවිශුද්ධි නමින් සැලකෙනුයේ විදර්ශනා භාවනාව අනුපිළිවෙළින් සිදුවීමේදී මානසික පවිත්රහතාවය එමඟින් සැලසෙන ආකාරය විවිධ තලයන් සතක් ඔස්සේ විශ්ලේෂණය කර දැක්වීමයි.මේ මට්ටම් සතතුළ විදර්ශනා භාවනාව දියුණුවීමේ පියවර විග්රකහ කෙරේ.එසේම එක් එක් මට්ටමේදී කළයුතු නොකළ යුතු දේ පිළිබඳවද පැහැදිලි කෙරේ.විදර්ශනා භාවනාවේ මූලික අවස්ථාව සීල විශුද්ධියෙන් ආරම්භ වේ.මෙහි සීලය ලෙස දක්වා ඇත්තේ කායික හා වාචසික සංවරය බව පැහැදිලිය.මන්ද මානසික සංවර බව ඇතිකරගැනීම පිණිස මුලික මට්ටමේදී කායික හා වාචසික සංවරය ආරක්ෂාකරගැනීම යමෙකුට වැදගත් වන නිසාය.සීල සංවරය ප්රකධාන වශයෙන් කොටස් සතරකි.ප්රාවතිමොක්ෂ සංවර ශීලය, ඉන්රිසේම ය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය හා ප්ර ත්ය. සන්නිශ්රිිත ශිලය වශයෙනි.මෙහි සඳහන් ප්රාිතිමොක්ෂ සංවර ශීලය නම් භික්ෂු භික්ෂුණී දෙපක්ෂයට ඇති විනය ශික්ෂාපද සමාපදන්වීමේදී ආරක්ෂාවන ශීලය ලෙස දක්වා ඇත.එසේම ඉන්රිති ය සංවර ශීලය නම් ෂඩ් ඉනරි ල යන්ගෙන් අරමුණු ගැනීමේ ක්රිවයාවළියේදී නිවැරදි සිහිය හා නුවණ පිහිටුවාගැනීමයි.මේ නිසා ඉන්රි නම යන් ක්රිපයාත්මකවීම නිවැරදිව සිදුවේ. අරමුණු ගැනීම විධිමත්ය.ආජීව පාරිශුද්ධි ශීලය නම් කුහක හා වැරදි දේ සිදුකර එමඟින් ජීවත්වීමෙන් වැළකීමයි.අනුන් රවටා ස්වකීය ජීවනෝපාය සලසා ගැනීමෙන් වැළකී යථා අයුරින් නිවැරදි දේ පමණක් සිදුකිරීමයි.ප්රපත්යම සන්නිශ්රිිත ශීලය නම් ජීවිතය පවත්වාගැනීමට අවශ්යන මූලික ප්රිත්යු සලසා ගැනීමේදී එය අවශ්යමතා තෘප්තිමත් කරගැනීමට අවම ප්රවමාණයකින් භාවිතාකර අනුන්ටද ප්රපත්යර පහසුකම් සැලසෙන පරිදි ධාර්මිකව ප්රළත්ය් භාවිතා කිරීමයි.මේ කොටස් සතර වුවද හුදෙක් භික්ෂු භික්ෂුණී දෙපක්ෂය කෙරෙහි පමණක් නොව ස්ත්රීප පුරුෂ ගිහි දෙපක්ෂය උදෙසා වුවද එක හා සමානව වලංගුය.එහිදී ගිහි පක්ෂය විෂයෙහි විනය ශික්ෂා සේ සැලකිය හැක්කේ පංචශීලය බව පැහැදිලිය.එසේම පොහෝ දිනවලදී සමාදන්වී ආරක්ෂා කරන අටසිල්,දසසිල් වැනි ශීලශික්ෂා වුවද මෙහි ඉහත සඳහන් කළ කය වචන සංවරය පිණිස භාවිතාවන ශීලය ලෙස සැලකිය හැකිය.ඒ නිසා සෑම ආගමික වතාවතක්ම හුදෙක් පැවිදි පක්ෂයට පමණක් බාරදී අතපිස දමාගැනීමට යුහුසුළු නොවී තමන්ටද ප්රාතිපදාවතුළ ඒ සමානම වගකීමක් හා කාර්යභාරයක් ඇතිබව ගිහිපක්ෂය වටහා ගත යුතුය.විදර්ශනා භාවනාව වැනි භාවනාක්ර්මයකදී පැවිදි පක්ෂය උද්ධෘත කර ඇත්තේ බහුලව මෙබඳු නිවන් වෙත ඇති සෘජු ප්රීතිපත්ති සේවනය කරනුයේ පැවිදි පක්ෂය බැවින් මිස ගිහිපක්ෂයට එය අකැප නිසා නොවන බව වටහාගත යුතුව ඇත.බුදුරදුන් ධරමාන කාලයේදී පවා මාර්ගඵලලාභී ධම්මික උපාසක,විසාඛා උපාසිකා වැනි අය සිටි බැවින් මෙකල ඒ ප්රඋතිපදාව අවලංගුවන්නේ නැත.
සීල විශුද්ධිය සම්පූර්ණ කිරීම මඟින් කායික හා වාචසික සංවරය සලසා ගැනීම නිසා තව දුරටත් මානසික සංවරය පිණිස අවධානය යොමුකිරීමට පහසුවේ.මේ නිසා ශීලවිශුද්ධිය ඇතිකර ගැනීමෙන් පසුව චිත්ත විශුද්ධිය ඇතිකරගැනීමට අවධානය යොමුකළ යුතුවේ.චිත්ත විශුද්ධිය නම් චිත්ත සමාධිය ඇතිකරගැනීමයි.එනමස් සිතේ ඒකාග්රකතා ගුණය වර්ධනය කිරීමයි.උපචාර සමාධිය හා අර්පණා සමාධිය යැයි දෙයාකාරයකින් සිතේ සමාධිය ඇතිකරගත හැකිය.උපචාර සමාධිය නම් අර්පණා සමාධියට පළමුවෙන් සිතේ ඇතිකරගන්නා කාමාවචර චිත්ත සමාධියයි.අර්පණා සමාධිය නම් රූපාවචර අරූපාවචර ධ්යාතන සිත් ඇතිකරගැනීමයි.මෙම ධ්යාඅන අෂ්ටසමාපත්ති දක්වාම ඇති කරගත හැකිය.එසේ කිසිදු ලෞකික ධ්යාසනයක් නැතිව මුල පටන්ම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාගේ සිතතුළ විදර්ශනා ඥාණය හේතුකොටගෙන බලවත් චිත්ත සමාධියක් ඇතිවේ. මේ චිත්ත සමාධිය වනාහී මූලික අවස්ථාවේදී මාර්ගඤාණ ඇතිවීමට පූර්වංගමව ඇතිවන උපචාර සමාධියක් ලෙස සැලකිය හැකිය.එසේම මේ උපචාර සමාධියම භාවනා වශයෙන් වඩත්ම අනුක්රධමිකව මුහුකුරා යයි.යම් විදර්ශනා ඤාණ පහළවන අවස්ථාවේ සිට ලොකෝත්තර මාර්ග ඤාණ සිත් උපදින අවස්ථාව දක්වා උපචාර සමාධි ලෙස පැවතී ලෝකෝත්තර මාර්ගඤාණ සිත් උපදින අවස්ථාවේ අර්පණාවට පැමිණේ.ලෞකික ධ්යාීන සිත් අර්පණා ප්රා්ප්ත සිත් ලෙස හඳුන්වනු ලබන්නාක් මෙන් ලොකෝත්තර ධ්යා නවූ මාර්ගඵල ඤාණ සිත් අර්පණා ප්රාපප්ත සිත් ලෙස දැක්විය හැකිය.ශුක්ෂ විදර්ශනා වඩද්දී උපදින චිත්ත සමාධිය ලෞකික ධ්යාරන නොවන බැවින් අර්පණා සමාධියට අයත් නැත.එයද කාමාචර සමාධියකි.එය හැඳින්වෙන්නේ ඛණික සමාධි නාමයෙනි.මේ සමාධිය කාමාවචර චිත්ත සමාධියක් වුවද ලෝකෝත්තර ගුණය කරා ඇදීයන බලවත් චිත්ත ඒකාග්ර තාවයකි.ඒ නිසා මෙය ලෞකික ධ්යාුන වශයෙන් සිව්වන රූපාවචරධ්යාලන සිතේ ඇති ඒකාග්රවතාව තරම් බලවත් සමාධියක් අනුක්රනමයෙන් වැඩෙන මේ ඛණික සමාධි සිතේ ඇත.මේ බලවත් සමාධි සිතේ බලයෙන් ලෝකෝත්තර ගුණය දෙසට සිත නැවී යයි.අන්රතක්රමමයෙන් සමාධිය හා ප්රසඥාව වර්ධනයවීමේදී මේ ඛණික සමාධි සිතම මුහුකුරා ගොස් ලෝකෝත්තර අර්පණා සමාධි උපදවා ගතහැකිය.ලෝකෝත්තර අර්පණා ධ්යාකන සිත් නම් මාර්ගඵල සිත්ය.මෙම මාර්ගඵළ සිත් සෝවාන්,සකෘදාගාමී,අනාගාමී හා අර්හත් ලෙස සිව්වැදෑරුම් වේ.මෙකී චිත්ත විශුද්ධිය ලබාගත් අයෙකුට දිට්ඨි විශුද්ධිය ලැබිය හැකිය.ඒ සඳහා නාම රූප වෙන් වෙන් වශයෙන් සලකා බැලිය යුතුය.මෙය නාමරූප පරිග්ර හය යනුවෙන් හැඳින්වේ.මෙය සංක්ෂේ්ප හා විස්තර වශයෙන්ද සිදුකළ හැකිය.තමන්ගේ චිත්ත සන්තානයට අරමුණුවන අධ්යාහත්මික ධර්ම කොටස් දෙකකට වෙන්කර නාම හා රූප ධර්ම වෙන් වෙන්ව සලකා බැලීම තුළින් නාමරූප යනු ජීවියෙක්,ආත්මයක්,කිසියම් සත්වයෙක් සේ වූ ආකල්ප දුරුව යයි.මේ සඳහා නාමරූප ලක්ෂණ,ප්ර ත්යුකපස්ථාන, රස හා පදස්ථාන වශයෙන් විග්‍රහකර බැලිය යුතුය.ලක්ෂණ නම් ගින්නේ උෂ්ණත්වය මෙන් ධර්මයන්ගේ සාමාන්යප ස්වභාවයයි.රස නම් ගින්නේ ඇති පිළිස්සෙන හා බැබලීම මෙන් ධර්මයන්හි කෘත්ය‍ හා සම්පත්ති ලක්ෂණයයි.ප්රිත්යිපස්ථාන නම් ගින්නේ දුම මෙන් ධර්මයන්හි ඵලයයි.පදස්ථාන නම් ගින්න ඇති වීමට හේතු මෙන් ධර්මයන් ඇතිවීමට හේතුප්ර්ත්යම කාරණයයි.මේ සතර අයුරින් නාමරූප පරිග්රතහය දෘෂ්ටි විශුද්ධියයි.මේ මඟින් සක්කායදෘෂ්ටිය විෂ්කම්භනය වේ.සංඥා විපර්යාස,චිත්ත විපර්යාස හා දෘෂ්ටි විපර්යාස ආදිය තුනී වේ.නාමරූප දෙක ලක්ෂණ ආදී වශයෙන් මෙන්ම පඨවි ධාතු ආදී සතර ධාතු වශයෙන්ද,පඤ්චස්කන්ධ වශයෙන්ද,ද්වාදස ආයතන වශයෙන්ද,අෂ්ටාරස ධාතු වශයෙන්ද පිරිසිඳ දැනගැනීම දිට්ඨිවිශුද්ධියට අයත්වේ.මේ දැක්වූයේ සංක්ෂේරප ක්රුමයයි.මෙය විස්තර වශයෙන් සිදුකිරීමේදී එක් එක් ධාතුවකටද එක් එක් ස්කන්ධමයකටද එක් එක් ආයතනයකටද අයත් නාමරූපද වෙන්කර පිරිසිඳ දැනගත යතුය.එසේ වෙන්කර හැඳිනගන්නා එක් එක් නාමරූපයක ලක්ෂණ ආදී දේද වෙන් වෙන්ව නිරීක්ෂ ණය කළයුතුය.මෙසේ නිරීක්ෂ ණය කරද්දී යථාභූත දර්ශනය ඇතිවේ.මේ යථාභූත දර්ශනය නැතිවිට සත්වුයෙක්,ජීවයක් හෝ ආත්මයක් ඇතැයි වරදවා සලකයි.එසේ සලකා එහි අවිනාශය දැක ශාස්වත දෘෂ්ටිය ඇති කර ගනියි.විනාශය දැක උච්ඡේද දෘෂ්ටිය ඇති කර ගනියි. යථාභූත දර්ශනය ඇතිවිට අඞ්ගසම්භාරය විනා රථයක් යැයි වෙනම දෙයක් නැතැයි සලකන්නාක් මෙන් නාමරූප දෙකින් බැහැරව වෙනම සත්ව්යෙක් නැතැයි සලකයි.අන්ධ යා හා පිළා එක්ව ගමන් කරන්නාක් සේ එකිනෙක උපකාරයෙන් නාම හා රූප එක්ව සත්වලයා සකස්ව ඇතිබව දැන ගනියි.
මෙසේ දෘෂ්ටි විශුද්ධිය ඇතිකරගත් පසුව ඊ ළඟට කංඛාවිතරණ විශුද්ධිය ඇතිකරගත යුතු වේ.කංඛාවිතරඛ විශුද්ධිය යනු ඉහත දක්වන ලද නාමරූපයන්හි ප්රවත්යි පරිග්ර.හයයි.නාමරූප ඇතිවීම සිදුවන්නේ කුමන හේතුප්රුත්යඉ උපකාරී කරගෙනදැයි විමසීම මෙහි අරමුණයි.මේ තුළින් නාමරූප අරමුණුකොට සිතතුළ ඇතිවී ඇති සැකසංකා දුරුකර හරිනු ලැබේ.මේ දැනීමද සංක්ෂේයප දැනීම හා විස්තරාත්මකව දැනීම යැයි කොටස් දෙකකි.නාම ඇතිවීමේ හේතු නම් වස්තු හා ආරම්මණයි.රූප ඇතිවීමේ හේතු නම් කර්ම,චිත්ත,සෘතු,ආහාර යි.අවිද්යාර,තෘෂ්ණා,උපාදාන,කර්ම නාමරූප ඇතිවීමේ හේතුවේ.මේ අයුරින් සැලකීම සංක්ෂේිප පරිග්රාහය ලෙස හැඳින්වේ.පටිච්ච සමුප්පාදයෙහි පට්ඨාන නය වශයෙන් සැලකීම විස්තරාත්මක පරිග්රාහයවේ.අවිද්යාැ,තෘෂ්ණා,උපාදාන,කර්ම යන සතර නාම රූප ඇති වීමට නිබ්බත්තක හේතුය.ආහාරය උපත්ථවම්භක ප්රතත්යණයයි.අවිද්යාද,තෘෂ්ණා,උපාදාන මව මෙන්ද කර්මය පියා මෙන්ද ආහාරය කිරිමව මෙන්ද උපකාරීවේ.මෙසේ රූපයේ ප්රරත්යඋ පිරිසිද දැන ඇස හා රූපය නිසා චක්ඛු විඤ්ඤාණය ඇතිවෙතැයි නාමයේ ප්රසත්ය් පිරිසිද දැනගත යුතුය.මේ ලෙස මෙකල ප්රකත්යඤ වූවාක් මෙන් පෙරද ප්රණත්ය ය වී තිබේ.මතුද ප්රදත්යය වියහැකිය.මේ අයුරින් දැනගැනීම නිසා තමන්ගේ පැවැත්ම පිළිබඳ අතීතකාලය සම්බන්ධ විචිකිච්ඡා පහද,අනාගතකාලය සම්බන්ධ විකිච්ඡා පහද,වර්තමාන කාලය සම්බන්ධ විකිච්ඡා හයද පහවී යයි.මේ අයුරින් කාලත්රිය සම්බන්ධ තමන්ගේ පැවැත්මට අදාළ විචිකිච්ඡා දහසක් ප්ර හාණය වන නිසා මෙය කංඛාවිතරණ විශුද්ධිය නම් වේ.එසේම නාමය පිළිබඳව සාධාරණ හා අසාධාරණ යන ද්විවිධ හේතුද,රූපය පිළිබඳ කර්මය ආදී චතුර්විධ හේතුද සෙවිය හැකිය.චක්ඛුර ආදී ද්වාර හය හා රූප ආදී ආරම්මණ හය නාමයේ සාධාරණ හේතුය.කුසල අකුසලාදී සියල්ල ඉන් වන බැවිනි.යෝනිසෝමනසිකාර ආදිය අසාධාරණ හේතුය. යෝනිසෝමනසිකාර සද්ධර්ම ශ්රැවණාදිය කුශලයන්ටද,අයෝනිසෝමනසිකාරාදිය අකුශලයන්ටද කර්මය විපාකයන්ටද,භවඞ්ගාදිය ක්රියයාවන්ටද ප්රසත්යකවේ.කර්ම,චිත්ත,සෘතු,ආහාර යන සතර රූපයට ප්රුත්යනවේ.මෙසේ කාලත්ර ය පිලිබඳ සලකාබැලීමේදී කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්ණවේ.තවද නාම රූප පිළිබඳ පටිච්චසමුප්පාද න්යා යෙන් හේතුප්රයත්යව සෙවිය හැකිය.එයින්ද කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්ණවේ.එසේම අතීතහේතු පහ හා වර්තමාන ඵල පහ ලෙසද,වර්තමාන හේතු පහ හා අනාගත ඵල පහ ලෙසද යන කම්ම වට්ට විපාක වට්ට වශයෙන් නාමරූප පිළිබඳ ප්රැත්යහ සෙවියහැකිය.එසේ සෙවීම නිසා අතීත අනාගත හා වර්තමාන ධර්ම චුතිපටිසන්ධි ලෙස ප්රහකටව වැටහේ.ඤාතපරිඤ්ඤා යනු මෙයයි.අතීත කර්මප්රධත්යි නිසා උපන් සකන්ධව එහිම නිරුද්ධවිය.අතීත කර්මප්රකත්යඤයෙන් මෙහි වෙනත් සකන්ධක පහළවිය.අතීත භවයෙන් මෙහි එකද දෙයක්වත් නොපැමිණියේය.මේ භවයෙන්ද කර්ම ප්රවත්ය‍යෙන් උපදින ස්කන්ධව නිරුද්ධවේ.මතුභවයේ උපදින්නේ වෙනත් ස්කන්ධේය.මේ භවයේ සිට මතුභවයට කිසිවක් ගමන්නොකරයි.එහෙත් කර්මඵල විපාක හේතුවෙන් කාලත්රධය පුරා හේතු ප්රමත්යව සම්බන්ධතාවයක් ඇත.මෙසේ චුති පටිසන්ධි ලෙස නාමරූප සම්බන්ධ හේතුප්ර ත්ය පරිග්රවහය සම්පූර්ණ කෙරේ.එවිට අෂ්ටවිධ සංකා,දෙසැට මිථ්යාන දෘෂ්ටි විෂ්කම්භනයවේ.ධම්මට්ඨිතඤාණ,යථා භූතඤාණ,සම්ය ග් දර්ශන යනුවෙන් හැඳින්වෙන්නේද මේ කංඛාවිතරණ විශුද්ධියයි.බුදුසසුනින් පිහිටි ලැබූ චුල්ල සෝතාපන්නයා යනු මේ තත්වයට පැමිණි පුද්ගලයායි.
කංඛාවිතරණ විශුද්ධිය උපදවාගත් පසු ඊළඟට උපදවාගැනීමට ඇත්තේ මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධියයි.මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධිය යනු මාර්ගය අමාර්ගය කුමක්දැයි ව්යදවස්ථා කරන ඥානයයි.මේ සඳහා කංඛාවිතරණ විශුද්ධියේදී පිරිසිඳි කාලත්රමයට අයත් සංස්කාර සකන්ධ ආදී ක්රාමයෙන් කලාප වශයෙන් හකුළා ක්ෂධයාර්ථයෙන් අනිත්යදය භයාර්ථයෙන් දුඃඛය.අසාරාර්ථයෙන් අනාත්මයයි අද්ධාන වශයෙන් සන්තති වශයෙන් ක්ෂරණ වශයෙන් ත්රි්ලක්ෂණ සම්මර්ශනය කළයුතු වේ.මේ ත්රිෙලක්ෂණ සම්මර්ශනය කිරීම ඉතා පුළුල් වශයෙන් සිදුකිරීමේදී නියම විදර්ශනාභාවනාව කුමක්දැයි වටහාගත හැකිය.භාවනාව නියම ලෙස සිදුකරන මාර්ගය හා ඉන් බැහැරවීම නිසි ලෙස වටහාගැනීම මේ අවස්ථාවේදී සිදුවේ.එසේම තෛභූමික සංස්කාරයන්හි ප්රෙත්යී හා ක්ෂ ණ වශයෙන් උදය ව්යශය බැලිය යුතුය.එලෙස සම්මර්ශනය කරත්ම විදර්ශකයාහට ඕභාසාදී දශවිධ විදර්ශනා උප ක්ලේශ ධර්ම පහළ වේ.එය භාවනාවේ දියුණුවක් යැයි සිතා නොරැවටී එයට තෘෂ්ණා නොකරසිට ඉන් මිදීම හා නිවැරදි මාර්ගය තෝරාගෙන එහි ගමන්කිරීම මෙහිදී සිදුකළ යුතුදෙයයි.කාලත්රමයට අයත් කාම,රූප,අරූප යන ත්රෛරභූමක සංස්කාරවල අධ්යාසත්මික,බාහිර,ඕලාරික,සියුම්,හීන,ප්රලණීත, දුර,සන්තික ආදී භේද ඇති එකොලොස් ස්වරූප වූ රූප හා වේදනාදියද පුළුල් ලෙස ත්රිිලක්ෂණයට හසුකරගත යුතුවේ.ලොකෝත්තර ධර්ම විදර්ශනාවට හසුනොවන අතර විදර්ශනාවට හසුවන්නේ සානුසය ධර්මය පමණි.මන්ද විදර්ශනාව ඇත්තේ අනුශය ප්රදහාණය පිණිස වන බැවිනි.මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය වැඩීමේදී සංස්කාර ක්රොම රාශියකට ත්රිසලක්ෂණයට හසුකරගනු ලැබේ.පළමු ක්ර මය වනුයේ ස්කන්ධාඅදී වශයෙන් කලාප හකුළා විදර්ශනා කිරීමයි.මෙහිදී එම ත්රෛසභුමික ධර්ම පඤ්චස්කන්ධාේදී ක්රධමයෙන් කලාප ලෙස පිඬුකළ යුතුය.ෂඩ්ද්වාර,ෂඩාලම්බන,ෂඩ්විඥාන,ෂට්ස්පර්ශ, ෂට්වේදනා,ෂඩ්ධාතු,දසකසින,දෙතිස්කුණප කොට්ඨාශ,දවාදසආයතන,අටලොස්ධාතු,දෙවිසිඉන්රිස ය ත්රිඨධාතු,නවභව,චතුර්ධ්යාඥන,චතුර්විධඅප්පමඤ්ඤා,සතර සමාපත්ති,දොලොස් පටිච්චසමුප්පාද ආදිය මෙසේ කලාප වශයෙන් හකුලා සිදුකරන විදර්ශනාවට භාවිතා කෙරේ.දෙවන ක්රඅමය නම් ක්ෂයයාර්ථෙ වශයෙන් අනිත්යරය,භයාර්ථරයෙන් දුඃඛය,අසාරාර්ථ‍යෙන් අනාත්ම යැයි සැලකීමයි.මෙහිදී රූපා ආදිය ක්ෂයයට පැමිණෙන බැවින් අනිත්යටය.එබැවින් එය භයජනකය.ඒනිසා එය දුඃඛය.ආත්මාදී වශයෙන් ගතහැකි සාරයක් නැති බැවින් අනාත්ම යැයි සැලකීම මේ දෙවන ක්රඛමයේදී සිදුවේ.තෙවන ක්ර මය නම් අද්ධාන වශයෙන් සැලකීමයි.මෙහිදී එක් එක් භවයක ඇතිවූ රූප ආදිය තවත් භවයකට සෘජු ලෙස නොයන ඒ භවයතුළම නිරුද්ධවනබව සැලකීම මේක්රදමයේදී සිදුකෙරේ.සිව්වන ක්රරමය නම් සන්නති වශයෙන් සැලකීමයි.මෙහිදී කලාප සම්මර්ශනය සිදුකරනුයේ රූප හා අරූප සන්තති සේ වෙන වෙනම සත් ලෙසකිනි.එනම් රූප සන්නති කලාප සම්මර්ශන ක්ර මවේද සත හා රූප සන්තති කලාප සම්මර්ශන ක්ර්මවේද සත බැගිනි.පළමුවෙන් රූප කලාප සම්මර්ශන ක්රපමවේද සත මෙලෙස දැක්විය හැකිය.පළමු රූපකලාප සම්මර්ශන ක්රරමවේදය නම් ආදාන නික්ඛේප වශයෙන් සැලකීමයි. මෙහි ආදාන නම් ප්රිතිසන්‍ධියි.නික්ඛේප නම් චුතියි.එනම් ප්රසතිසන්ධි චුති වශයෙන් මේ භවයේ ඇති රූප අන්යද භවයකට නොගොස් මේ භවයේදීම නිරුද්ධ වන අතර අන්ය් භවයක පහළවන රූප තව භවයකට නොගොස් ඒ භවයේදීම නිරුද්ධවන බව සැලකීමයි.මේ නිසා රූප කලාප අනිත්ය , දුඃඛය හා අනාත්මය යැයි ත්රිනලක්ෂණ වශයෙන් සැලකීම සිදුවේ.දෙවන රූප කලාප සම්මර්ශන ක්රඃමවේදය නම් වයෝවුද්ධත්ථරගාමී හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී ආයුකාලය කොටස්වලට බෙදා එක්එක් කාලයේ පැවති රූප අනෙක් කාලයට නොගොස් එහිදීම නිරුද්ධවූ බව සැලකීම සිදුකෙරේ.තෙවන රූප කලාප සම්මර්ශන ක්රඑමවේදය නම් ආහාර හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී ආහාරජ රූප ලෙස ආහාරය ලැබීමට ප්ර්ථම හා පසු විවිධ අවස්ථාවලදී රූපය වෙනත් අවස්ථාවකට නොපැමිණ එහිදීම නිරුද්ධවන බව සැලකීම හා එය ත්රිාලක්ෂ ණයට නඟා බැලීමයි.සිව්වන රූපකලාප සම්මර්ශන ක්ර මය නම් සෘතු හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී සෘතු ලක්ෂණ අනුව එක් කාලයක පැවති රූප වෙනත් කාලයකට නොපැමිණ එහිදීම නිරුද්ධවූ බව හා එය ත්රිනලක්ෂයණයට නැඟීමයි.පස්වන රූප කලාප සම්මර්ශන ක්රහමවේදය නම් කර්ම හෙයින් විදර්ශනාකිරීමයි.මෙහිදී කර්මජ රූප විවිධ ඉන්රිපස්වය ද්වාර අනුව එහිම ඉපිද එහිම නිරුද්ධවන බව,අන්ය් ස්ථානයකට නොයන බව හා එය ත්රිසලක්ෂ ණයට අනුව සැලකීම සිදුකෙරේ.සයවන රූපකලාප සම්මර්ශන ක්ර‍මවේදය නම් චිත්ත හෙයින් විදර්ශනාකිරීමයි. මෙහිදී සොම්නස් දොම්නස් ආදී චිත්තයන්ට අනුරූපීව ඒ ඒ අවස්ථාවන්හි හටගත් රූප එහිම නැති බව,වෙනත් ස්ථානයකට නොයන බව සැලකීම හා එය ත්රි ලක්ෂ ණයට නඟා බැලීම සිදුවේ.සත්වන රූප කලාප සම්මර්ශනය ක්ර මවේදය නම් ධම්මතා රූප හෙයින් විදර්ශනා කිරීමයි.අවස්ථානුරූපීව ඇතිවන රූපකලාප වෙනත් අවස්ථාවකට නොපැමිණ එහිම නිරුද්ධවන බව සැලකීමයි.ධර්මඅතාරූප අනුව විවිධ අවස්ථාවල ඇතිවන රූප කලාප එහිම නිරුද්ධවන බව හා වෙනත් අවස්ථාවකට ගමන් නොකරන බව සැලකීම සිදුවේ.මේ නිසා මේ රූප කලාප ත්රිකලක්ෂබණයට නඟා බැලේ.
මග්ගමග්ගඤාණදස්සන විශුද්ධියට අයත් සිව්වන කලාප සම්මර්ශනයේ සන්තති වශයෙන් කලාප සම්මර්ශනය සිදුකිරීමේ අරූප කලාප සම්මර්ශන සතක්ද ඇත.මෙහිදී පළමු අරූප කලාප සම්මර්ශන ක්රසමවේදය නම් කලාප වශයෙන් විදර්ශනා කිරීමයි.ඒ අනුව රූප කලාප සම්මර්ශනයට භාවිතා කරන ලද ක්රරමවේද සත අනුව පුහුණු කරන ලද විදර්ශනා සිත් එක්තැන් කොට ත්රියලක්ෂලණය අනුව සලකා බැලීම සිදුකෙරේ.දෙවන අරූප කලාප සම්මර්ශන ක්ර මය නම් යුග්ම හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී වෙන් වෙන් වශයෙන් රූප කලාප සම්මර්ශනය හා එසේ කළ සිත් යුගළ වශයෙන් සලකා රූප කලාප සතටම විදර්ශනා කිරීමයි.නිදසුනක් වශයෙන් පළමු රූපකලාප සම්මර්ශනක්රගම වේදය වූ ආදාන නික්ඛේප වශයෙන් රූපකලාප විදර්ශනා කළ සිත්ද වෙන වෙනම යුගල වශයෙන් සලකා විදර්ශනාකිරීම යුග්ම හෙයින් විදර්ශනාකිරීමයි.තෙවන අරූප කලාප සම්මර්ශන ක්රලමය නම් ක්ෂආණ හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී රූප කලාප සම්මර්ශනය කළ සිත් තුන්වන,සතරවන,පස් වන සිත් මේ අයුරින්ම විදර්ශනා කරනු ලැබේ.මෙහිදී සතරවන සිත් දක්වා විදර්ශනාකිරීම ක්ෂතණ හෙයින් විදර්ශනාකිරීම නම්වේ.සිව්වන අරූප කලාප සම්මර්ශන ක්රවමවේදය නම් පටිපාටි හෙයින් විදර්ශනා කිරීමයි.ඉහත දැක්වූ අයුරින් රූප කලාප විදර්ශනාකර පසුව රූප කලාප විදර්ශනාව සිදු කළ සිත් විදර්ශනාවට නඟා එය දසවන සිත් දක්වා සිදුකිරීම පටිපාටි හෙයින් විදර්ශනා කිරීම වේ. පස්වන අරූප කලාප සම්මර්ශන ක්ර මවේදය නම් දෘෂ්ටි උද්ඝාට හෙයින් විදර්ශනාකිරීමයි.මෙහිදී රූප කලාප විදර්ශනාව සිදුකර ඒ සිතද අනත්තානුපස්සනාව අනුව වැඩීමෙන් ආත්මයක් නොදැක ආත්ම දෘෂ්ටිය හැරදමමින් විදර්ශනාව සිදුකෙරේ.සයවන අරූප කලාප සම්මර්ශන ක්රමමය නම් රූප කලාප විදර්ශනාකර ඒ විදර්ශනා කළසිත් අනිච්චානුපස්සනාවට අනුව සැලකීමයි.මෙහිදී මානය ඇතිවීමට හේතු දුරුකරන නිසා මේ නමින් හැඳින්වේ.සත්වන අරූප කලාප සම්මර්ශන ක්රදමය නම් නිකාන්ති පර්යාදාන හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී රූප කලාප විදර්ශනාකර ඒ විදර්ශනාකළ සිත්ද දුක්ඛානුපස්සනාවට නඟා විදර්ශනා කිරීමයි.මෙහිදී පැතිය යුතු දෙයක් නොදකින බැවින් නිකාන්තිය ක්ෂ්ය කෙරේ.මෙහිදී ක්ෂ ණ වශයෙන් සිදුකරන සම්මර්ශනය බුදුවරයන්ට විනා සෙසුඅය හට නොලැබෙනබව දක්වා ඇත.මන්ද රූප අරූප ධර්මවල ආයුෂ ප්රුමාණ සංඛ්යාහත ක්ෂ ණ වශයෙන් සම්මර්ශනය බුදුවරයන්ට පමණක් අරමුණුවන බැවිනි.
ත්රෛවභූමික සංස්කාරවල ත්රිෂලක්ෂ්ණ සම්මර්ශනයකොට පසුව එහිම ප්ර ත්ය. වශයෙන් ක්ෂකණ වශයෙන් උදයව්යෛය බැලිය යුතුය.පඤ්චස්කන්ධස වශයෙන් එය සමපණස් ආකාරවේ.මෙහි උදය නම් නාමරූපයන්හි නිබ්බන්ති ලක්ෂුණයයි.වය නම් විපරීනාම ලක්ෂ ණවූ භඞ්ගයයි.නාමරූපාදියට ප්ර ත්යනය නම් කර්මාදියයි.ක්ෂනණ නම් නිබ්බත්ති ක්ෂ ණය හා වය ක්ෂිණයයි.රුපස්කන්ධයයේ ප්රවත්යඅ හා ක්ෂ ණ සේ උදයව්යයය බැලීමේ ස්වරූපය මෙපරිදිය.අවිද්යාි,තෘෂ්ණා,කර්මෂ හා ආහාර යන හේතුප්රධත්ය‍ සතර නිසා රූප සමුදය ඇතිවේ.එසේම රූපස්කන්ධූයේ නිබ්බත්ති ක්ෂවණය හා වය ක්ෂ ණයද බැලිය යුතුය.මෙසේ ක්ෂතණ වශයෙන් බැලීම සමඟ ගත්විට රූපයේ උදය පස් ආකාරය වේ.එලෙසම වය පස් ආකාරවේ. මේ අනුව රූපයේ උදයව්යසය දස ආකාරවේ.වේදනා ස්කන්ධයයද අවිද්යාර,තෘෂ්ණා,කර්මස හා ස්පර්ශ ආදී හේතුප්රනත්ය‍ සතර නිසා ඇතිවේ.එහිද නිබබත්ති හා වය ක්ෂදණය සැලකිය යුතුය.මේ අයුරින් දස විධවූ ස්වරූපයකින් උදය හා වය වේදනා ස්කන්ධ යෙහි සැලකිය යුතුය.සංඥා ස්කන්ධයයද අවිද්යා ,තෘෂ්ණා, කර්මය හා ස්පර්ශ යන හේතුප්රිත්ය නිසා හටගනියි.එහිද නිබ්බත්ති හා වය ක්ෂ‍ණය සැලකිය යුතුය.මේ අනුව සංඥා ස්කන්ධකයේ උදයව්ය්ය බලනු ලැබේ.අවිද්යාබ,තෘෂ්ණා,කර්මු හා ස්පර්ශ හේතුප්රකත්යධවීමෙන් සංස්කාර ස්කන්ධ් හටගනියි.එහිද නිබ්බත්ති හා වයක්ෂයණ සැලකිය යුතුය.මෙසේ සංස්කාරස්කන්ධරයේ උදයව්යේය දස අයුරකින් බැලිය යුතුය.අවිද්යා්,තෘෂ්ණා,කර්ම. හා නාමරූප යන විඥානස්කන්ධයය හට ගැනීමට හේතුප්රැත්යධ සැලකිය යුතුය.එහිද නිබ්බත්ති හා වය ක්ෂතණය බැලිය යුතුය.මේ අනුව දසවිධ වූ අයුරින් විඥානස්කන්ධයයට විදර්ශනා කළයුතුවේ.මෙසේ සම පණස් අයුරකින් උදයව්යදය ලක්ෂ්ණ සැලකීමේදී ඥාණය වඩාත් විශදතර වේ.මේ ඥාණය තරුණ විදර්ශනා ඥාණය නම්වේ.මෙලෙස බලන්නා ආරද්ධ විදර්ශකයා නම්වේ.මෙසේ තරුණවිදර්ශනා ඥාණයෙන් යුතු ආරද්ධවිදර්ශකයා හට ඕභාස,ඤාණ,පීති,පස්සද්ධි,සුඛ,අධිමොක්ඛ,පග්ගහ,උපට්ඨාන,උපෙක්ඛා හා නිකත්ති යන දශ විධ විදර්ශනා උපක්ලේශ හටගනියි.මෙහි ඕභාස නම් විදර්ශනා චිත්තයෙන් උපන් ශරීර ආලෝකය වේ.ඤාණ නම් විදර්ශනා ප්ර.ඥාවයි.නාමරූප ධර්ම පිළිබඳ අතිශය පිරිසිදු තීක්ෂ්ණ අතිවිශදවූ නුවණ පහළවේ.පීත් නම් විදර්ශනා ප්රීනතියයි.පස්සද්ධි නම් කාය හා චිත්ත පස්සද්ධියි.කාය චිත්තයන්හි තිබූ දරථ දුරුකොට සැහැල්ලුබවක් ලැබීමයි.සුඛ නම් විදර්ශනා සුඛයයි.අධිමොක්ෂ. නම් අතිශය ප්ර සාද ජනක බලවත් ශ්රයද්ධාවයි.පග්ගහ නම් වීර්යයි.උපට්ඨාන නම් ස්මෘතියයි.ප්රෂබල සිහි නුවණක් ලැබීම මේ නමිවේ.උපේක්ඛා නම් විදර්ශනා උපේක්ෂාහව හා ආවර්ජන උපේක්ෂා ව වේ.මෙය ඉතා තියුණුය. නිකාන්ති නම් සිහින් තෘෂ්ණාවයි.විදර්ශනාවට ආලය කරමින් යටි සිතේ ඇතිවන සිහින් ආශාවම විදර්ශනා උපක්ලේශ යැයි කියනු ලැබේ.ඕභාසාදිය එයට වස්තු වන බැවින් උපක්ලේශ විය.මෙම උපක්ලේශ ධර්ම ඇතිවූ විට මෙය නියම මාර්ගාය නොවේ යැයි දැන ගැනීම හා ව්යැවස්ථා කිරීම මෙහි දී සිදුවේ.මන්ද මේ උපක්ලේශධර්මවල මම මාගේ යැයි හැඟීමක් ඇතිවූ බැවිනි.උපක්ලේශ ධර්ම වල විශේෂත්වය නම් මම මාගේ යැයි සැලකීම සමඟම විඳීමක් සිතේ ඇතිවේ.මේ විඳීම සුව දුක්ඛ හෝ උපේක්ෂාි වියහැකිය.ඒ කුමක්වුවද විඳීම් වනාහී අනිවාර්යෙන්ම ත්රිකලක්ෂීණ ධර්මතාවය යටත්ය. විඳීම් සහිත මාර්ගය නියම මඟ යැයි බොහෝදෙනෙක් වරදවා වටහාගනිති.එසේම නියම මාර්ගය නම් සියළු විඳීම් සංඛ්යාඟත සංස්කාරයන් අනුක්රගමයෙන් ක්ෂේය කරවන මාර්ගයයි.එය බැලූ බැල්මටම නියම මාර්ගය යැයි කිසිවෙක් නොසිතති.මන්ද එහි නිරතවීම විඳීම් සහිත මාර්ගයට තේරීමට වඩා වෙහෙසකර යැයි විදර්ශනා භාවනාවේ මුල්ම මට්ටම්වලදී ඕනෑම කෙනෙක් වරදවා උපකල්පනය කරන බැවිනි.මේ හේතුව නිසා නියම මාර්ගය මාර්ගය නොවේයැයිද නොමඟ නියම මාර්ගය යැයිද උපකල්පනය කිරීමට බොහෝ පිරිසක් යොමුවෙති.විදර්ශනා භාවනාවේ නිරතවන බොහෝ අයට නිසි ප්රනතිඵලක් නොලැබෙනුයේ මේ නිසාය.නියම මඟට පැමිණ එය නියම මඟ නොවේ යැයි සිතා ආපසු හැරී වැරදි මඟ ඔස්සේ යති.නමුදු වැරදි මඟින් ගොස් ආපසු වැටෙන්නේ කෙළෙස් සහිත වූ මාර්ගයටම බව ඔවුහු නොදනිති.විදර්ශනවේ යෙදී මේ විදර්ශනා උපක්ලේශ ධර්ම උපන්විට එයින් වසඟව ඒකාන්තයෙන් මාර්ගය ලද්දෙම් ඵලය අවබෝධ කලෙමි යැයි අමාර්ගයෙහි මාර්ග සංඥාව පහළ වේ.සිදුකළ යුතු නිසි දෙය නම් මේ විදර්ශනා උපක්ලේශ ධර්ම ඇතිවූ වහාම නිවැරදිව ඒවා වටහාගෙන ඒවා දුරුකිරීම සඳහා යළිත් ත්රිෙලක්ෂදණ වැඩීමයි.එසේ සලකා ගැනීම මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධියයි.මෙහිදී දිට්ඨි විශුද්ධියෙන් දුඃඛ සත්යරයද,මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියෙන් මාර්ග සත්යියද, ව්යයවස්ථා කරන බව සැලකිය යුතුය.
මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියට අනතුරුව පටිපදාඤාණ දස්සන විශුද්ධිය සම්පාදනය කළයුතුය.පටිපදාඤාණ දස්සන විශුද්ධි නම් උදයබ්බයානුපස්සනා ඤාණ,භඞ්ගානුපස්සනාඤාණ, භයතුපට්ඨාන ඤාණ,මුඤ්චිතුකම්ය,තා ඤාණ,පටිසඞ්ඛානුපස්සනා ඤාණ,සඞ්ඛාරුපෙකඛා ඤාණ, සච්චාලොමික ඤාණ යන නව විදර්ශනා ඤාණයි.උදයබ්බයානුපස්සනා ඤාණය නම් උදය ව්යටය බලන නුවණයි.මෙය මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියේදී වැඩූ අයුරින් විදර්ශනා උපක්ලේශයන් සහිතව නොව පිරිසිදු ත්රිසලක්ෂයණ දක්නා නුවණින් සිදුකළයුතුය.උදයව්යසය මෙනෙහි නොකිරීම නිසා සන්තතියෙන් වැසීයාම නිසා අනිත්යදලක්ෂසණ නොවැටහේ.නිතර ඇතිවන පීඩා මෙනෙහි නොකිරීම නිසා ඉරියව්වලින් වැසීයාම නිසා දුඃඛ ලක්ෂ්ණ නොවැටහේ.නානා ධාතු ලෙස මෙනෙහි නොකිරීම නිසා ඝනයෙන් වැසී යාම නිසා අනාත්ම ලක්ෂ‍ණ නොවැටහේ.උදයව්යහය මෙනෙහි කිරීම ආදියෙන් ත්රි්ලක්ෂසණ මනාව වැටහේ.භඞ්ගානුපස්සනා ඤාණය නම් ත්රිනලක්ෂතණ මෙනෙහි කිරීම නිසා සංස්කාර ධර්ම පිළිබඳ සිහිය උත්පාද,ස්ථිති,ප්රාවෘත්ති නිමිත්තෙහි නොසිට ක්ෂෙය ව්යසය භේද නිරෝධයෙහිම සිටියි.එසේ භඞ්ගය දක්නා නුවණ භඞ්ගානුපස්සනා ඤාණයයි.දිය බුබුළු පෙන පිඬු බිඳී යන්නාක් මෙන් සංස්කාරයන්හි භඞ්ග අවස්ථාවම මෙහිදී අරමුණු කෙරේ.භයතුපට්ඨාන ඤාණය නම් සියළු සංස්කාරයන්හි භය ජනක ස්වභාව වැටහීමයි.කාලත්රතයට අයත් සංස්කාර ක්ෂසණිකව බිඳෙනු දැක එය කෙරෙහි ආශාව හැරදැමීම් වශයෙන් සිත තුළ එයට නොකැමතිවීම් වශයෙන් ඇතිවන තීරණය මේ නමින් හැඳින්වේ.මෙසේ භඞ්ගානුපස්සනා ඤාණය අනුව සංස්කාර බිය වශයෙන් සලකා ආදීනවය පිළිබඳ අවධානය යොමුකරයි.ආදීනවනුපස්සනා ඤාණය නම් එයයි.ආදීනව දුටු සංස්කාර කෙරෙහි නොඇලීම වර්ධනය කරයි.එහි මිඳීම් වශයෙන් කැමැත්තක් ඇතිවේ.මේ මිදීම නිවන් අවබෝධයට උත්සාහ ගැනීමයි.මෙය නිබ්බිදානුපස්සනා ඤාණය නමින් හැඳින්වේ.මෙහි දැක්වූ භයතුපට්ඨාන ඤාණයද,ආදීනවානුපස්සනාඤාණයද,නිබ්බිදානුපස්සනා ඤාණයද ව්යාං ජන වශයෙන් වෙනස්වුවද අර්ථ වශයෙන් එකක්ම යැයි පැවසේ.මෙසේ සංස්කාර කෙරෙහි කළකිරීමට පත්වී ඉන් මිදීමට සිත් වේ.සියළු සංස්කාර කෙරෙන් මිදෙනු කැමතිවීම මුඤ්චිතුකම්යඉතා ඤාණය නමින් හැඳන්වේ.එසේ මිදෙනු කැමතිවූ විදර්ශකයා ඊට උපායක් සෙවීම් වශයෙන් යළි සියළු සංස්කාර ත්රිේලක්ෂදණයට නඟා සිහි නුවණින් සලකා බලයි.එසේ බැලීමේදී මේ දක්වා සංස්කාර කෙරෙන් දුරස්වීමට ආ ගමන්මඟ පෙනී එයින් මිඳීමට ක්රුමවේදය සලකා බලයි.මෙය පටිසංඛානුපස්සනා ඤාණය නම්වේ.පටිසංඛානු පස්සනා ඤාණයෙහිදී යළි ත්රිිලක්ෂයණයට නඟා බලන්නාවූ සියළු සංස්කාර කෙරෙහි ආශාවක් හෝ ඇලීමක් නොකොට ඒ කෙරෙහි උපේක්ෂාකවීම සංඛාරුපෙක්ඛාෙ ඤාණයයි.මෙසේ සංස්කාර කෙරේ උදාසීන වනුයේ එහි ශූන්යෂත්වමය මෙනෙහි කිරීමෙනි.මේ ශූන්ය්ත්වාය මෙනෙහි කිරීම දෙයාකාරයෙන් සතර ආකාරයෙන්,සය ආකාරයෙන්,අට ආකාරයෙන්,දස ආකාරයෙන්,දොළොස්ආකාරයෙන් ආදී වශයෙන් ඉතා පුළුල් අයුරින් සිදුකළයුතුය.ත්රි.විධානුපස්සනා,ත්රිාවිධ විමොක්ෂ මුඛ,සප්ත ආර්ය් ව පුද්ගල විභාගය ඇතිවනුයේ සංඛාරුපෙක්ුඛා ඤාණයේදීය.මුඤ්චිතුකම්ය,තා ඤාණයද,පටිසංඛානුපස්සනා ඤාණයද,සංඛාරුපෙක්ඛා ඤාණයද අර්ථ වශයෙන් එකක්ම යැයි කියවේ.ආදියේ මුඤ්චිතුකම්යෙතා ඤාණයද,මධ්යරයේ පටිසංඛානුපස්සනාඤාණයද අන්තයේ සංඛාරුපෙක්ඛා ඤාණයද ආදී වශයෙනි. මේ සංඛාරුපෙක්ඛාා ඤාණය ලැබූ විදර්ශකයාගේ විදර්ශනාව ශිඛාප්රා ප්තය.උට්ඨානගාමීය.මේ නිසා මෙයට ශිඛාප්රාාප්ත උට්ඨානගාමී විදර්ශනා යැයි කියනු ලැබේ.මෙහි ශිඛාප්රාාප්ත නම් උතුම්බව පත්වූ යනුයි.උට්ඨානගාමී නම් සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණි යන්න කියවේ.මෙහිදී ආධ්යා්ත්මික පැවතුම් හා බාහිර නිමිති වලින් භාවනානුයෝගියා උසස් තලයකට පැමිණේ.
මේ සංඛාරුපෙක්ඛාසඤාණය වර්ධනයකරත්ම ඒ පුද්ගලයාගේ විර්යය,ශ්ර ද්ධාව,ස්මෘතිය ආදී ආධ්යාපත්මික ගුණය ඉහළට පැමිණේ.සංඛාරුපෙක්ඛාමව වඩාත් තීක්ෂිණවේ.මෙහිදි ක්ෂ ණයකින් මාර්ගු සිත ඉපදීමට ආසන්න අවස්ථාවට පැමිණේ.එහිදී ඒ සංඛාරුපෙක්ඛාස සංස්කාරම ත්රිණලක්ෂණණයට නඟා යළි සම්මර්ශන කළයුතුය.එකෙණෙහිම ඔහුගේ සිත භවාඞ්ග ගතවේ.අනතුරුව භවාඞ්ග චලන වේ. භවඞ්ගුපච්ඡේද වේ.ඒ ඒ මනෝද්වාරාවර්ජනයට අරමුණුවනුයේ එකී උපේක්ෂිවත සංස්කාරමය.ඉන් පසු එයම අරමුණුකොට ජවන් සිත් පහළ වේ.එහි ප්ර ථම ජවනය පරිකර්මයි.දෙවන ජවනය උපචාර යයි.තුන්වන ජවනය අනුලෝමයයි.මේ අයුරින් වෙන් වෙන්ම දැක්වුවද මේ තුනට ආසේවන යයිච පරිකර්ම යයිද අනුලෝම යයිද කියනු ලැබේ.සච්චානුලෝමික ඤාණය යන නමින් හැඳින්වෙනුයේ මේ ඤාණයයි.සච්චානුලෝමික ඤාණය ඒ නමින් හැඳින්වෙනුයේ ඉහත විපස්සනා ඤාණ අටට හා මතු සත්තිස් බෝධිපාක්ෂි.ක ධර්මයන්ට අනුලෝමව ඇතිවන බැවිනි. මෙසේ උදයබ්බඤාණයේ සිට අනුලෝමඤාණය දක්වා ඇති ඤාණ පරම්පරාව පටිපදාඤාණදස්සනවිශුද්ධි නාමයෙන් හැඳින්වේ. ඉහත සච්චානුලෝමික ඤාණය විස්තර කරන ස්ථානයේදී දැක්වූ මාර්ගචිත්ත වීථියේ අනුලෝමය දක්වා ඉහත දක්වා ඇත.අනුලෝමයට පසුව උපදිනුයේ ගෝත්රාභූ ඥානයයි.එය මාර්ගකයට ආවර්ජන ස්ථානයෙහි උපදින නිසා එය පටිපදාඤාණදස්සන විශුද්ධියට අයත් නැත.මාර්ග නොවන බැවින් ඤාණදස්සන විශුද්ධියට අයත්ද නැත.ගෝත්රයභූ ඥානයට අරමුණුවනුයේ නිවනයි.ගෝත්රනභූ ඥානය නිවන් අරමුණුකොට උපදිතත් ක්ලේශක්ෂ.ය නොකෙරේ.එය මාර්ගව සංඛ්යාසත මාර්ගදස්සනවිශුද්ධියට ඇතුලත් නැත්තේ එබැවිනි.ඤාණ දස්සන විශුද්ධිය අයත්වනුයේ සෝවාන් මාර්ගඥාන සිතයි.එබඳු මාර්ගවඥාන සිත්වූ සකෘදාගාමී,අනාගාමී හා අර්හත් මාර්ග්ඥාන සිත්ද ඤාණදස්සන විශුද්ධියට අයත්ය. එම නිසා මාර්ගඥාන සිත් සතර ඤාණ දස්සන විශුද්ධියට අයත් ලෙස සැලකේ.එසේම මාර්ග්ඥාණ සිත් සතරට අනූරූප ඵලඥාණ සිත්ද මෙයට අයත් යැයි දක්වා ඇත

Advertisements

සම්බන්ධව kalpanthaya
මම ආචාර්ය උපාධිය (PhD), දර්ශනපති (M.Phil)පශ්චාත් (පර්යේෂණ) උපාධි විවිධ විෂය ක්ෂේත්රකයන් යටතේ විශේෂ උපාධි ගෞරව (ප්ර ථම පංති ) ‍හා ඇතුළු උපාධි පහක් විශ්වවිද්යාමල කීපයකින් ලබා සිටිමි.මනෝවිද්යාh විෂය යට‍තේ විවිධ ශාස්ත්රීාය පර්යේෂණ කෘති 20 ක් දැනට ප්රාකාශිතය.අධ්යායපන මනෝවිද්යාෂව විෂයට අදාළ කැලණිය විශ්ව විද්යා ලයේ සුපුරුදු ශාස්ත්රීයය පර්යේෂණ අධ්ය යන ක්ෂේත්රටයේ කටයුතුවල හා මාගේ ශාස්ත්රී ය පර්යේෂණ ග්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: